“ඉවසුවා ඇති..!” ප්‍රහාරය දියත් කරමින් හමාස් ප්‍රධානියා කියයි. “අපි පලිය ගන්නවා.” ඊශ්‍රායල් අගමැති කියයි.

0
802

“ඉවසුවා ඇති..!”
ප්‍රහාරය දියත් කරමින් හමාස් ප්‍රධානියා කියයි.
“අපි පලිය ගන්නවා.”
ඊශ්‍රායල් අගමැති කියයි.
දෙපාර්ශ්වයෙන් ම පන්සියයට වැඩි පිරිසක් මියයති.


ඊශ්‍රායල් හමුදා, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදු කරන ම්ලේච්ඡ ප්‍රහාර තව දුරටත් ඉවසිය නොහැකි බව පවසමින්, හමාස් සංවිධානය, ඊශ්‍රායලට එරෙහිව කිසි දිනෙක නොවූ විරූ ආකාරයේ ප්‍රහාරයක් දියත් කර තිබේ.

මේ වන විටත්, ඊශ්‍රායලයට ඇතුළු වී සිටින පලස්තීන හමුදා, ඊශ්‍රායල් ජාතිකයන් ප්‍රාණ ඇපයට ගනිමින් සිටින අතර, ඊශ්‍රායලයේ ගුවන් තොටුපල සහ හමුදා කදවුරු ඉලක්ක කර ගනිමින්, ෂෙල් සහ රොකට් ප්‍රහාර පන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබේ.

හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල් ජාතියන් 250 ක් පමණ මියගොස් ඇති බව වාර්තා වන අතර, තවත් ඊශ්‍රායල් ජාතිකයන් සිය ගණනක් හමාස් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබේ.

හමාස් සංවිධානය ඉතිහාසයේ බරපතලම වැරැද්ද කර ගත් බව පවසන ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යානු, පලි ගැනීම ඉතාමත්ම බිහිසුණු එකක් විය හැකි බවට හමාස් සංවිධානයට අනතුරු හගවා තිබේ.

ඒ අනුව, දැනටමත්, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ පලස්තීන දේශ සීමාවට ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇති අතර, එම ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 230 දෙනෙකු පමණ මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − seven =