‘ඉස්සර දාපු සෙල්ලම් ආයේ දාන්ඩ ලෑස්ති වෙන්ඩ එපා.’
සර්වපාක්ෂික අරගලකරුවෝ
ඇමති ප්‍රසන්න රණවීරටත් ඔහුගේ පුතාටත් කියති.
ිකිරිබත්ගොඩ උපකාරක පන්ති සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියට සම්බන්ධ ඇමති ප්‍රසන්න රණවීරගේ පුතාට එරෙහිව සර්ව පාක්ෂික අරගලකරුවෝ ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
අරගලයට සම්බන්ධ පිරිස් අසාධාරණ හේතූමත අත් අඩංගුවට ගන්නා පොලිසිය ඇමති ප්‍රසන්න රණවීරගේ පුතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැලිවන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.
ඇමති ප්‍රසන්න රණවීරගේ පුතා ඔහුගේ මැර ක්‍රියාව සදහා යොදවාගෙන ඇත්තේ අමාත්‍යංශයට අයත් වාහනයකි.
මේ රට දැන් වෙනස් රටක් බවත් දේශපාලනයේ හයියෙන් ඉස්සර දැමූ සෙල්ලම් දැන් දැමිය නොහැකි බවත් අරගලකරුවෝ ඇමතිටත් ඔහුගේ පුතාටත් අවධාරණය කරති.