ඉහළම ආහාර මිල උද්ධමනයක් ඇති රටවල් අතරින්
ලංකාව තුන්වැනි තැනට.
ඉතියෝපියාවේ තත්ත්වය අපේ තරම් නරක නෑ.
ලෝක බැංකු සංඛ්‍යා දත්ත අනුව ලංකාව ඉහළම ආහාර මිල උද්ධමනයක් ඇති රටවල් අතර තුන්වැනි ස්ථානයේ පසුවෙයි.
ඉහළම ආහාර උද්ධමනයක් ඇති රට වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයයි. දෙවන තැන වෙනිසියුලාවට හිමිව තිබේ. ලංකාව තුන්වැනි ස්ථානයේ පසුවෙයි.
2021 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර මිල උද්ධමනය 9.9% ක් වූ අතර 2022 අප්‍රේල් වන විට එය 45.1% දක්වා ඉහළ ගොස් තිබුණි. අප්‍රේල් සිට ජූලි දක්වා වූ මාස හතරක කාලය තුළ ආහාර උද්ධමනය 90.9% කින් ඉහළ ගොස් තිබේ.
ඉතියෝපියාව ලංකාවට වඩා හොද තත්ත්වයක පසුවෙයි.
ඉතියෝපියාව සිටින්නේ අටවන ස්ථානයේ යි.