ඉහළම තනතුරකට
නාමල් නම් දෙකක් යෝජනා කරයි.
පරිසර ඇමති නසීර් මොහොමඩ්
එක් නමක් තෝරා ගනියි.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය යටතේ ක්‍රියාත්මක වන GSMB Technical Services (Pvt) Ltd හී ප්‍රධාන විධායක තනතුර සදහා පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් දෙකක් යෝජනා කර තිබෙන බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි.
පරිසර විෂය භාර අමාත්‍යවරයා වන නසීර් අහමඩ් වෙත පාර්ලිමේන්තු ලිපි ශිර්ෂය සහිත ලිපියක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව අදාල තනතුරු සදහා එම්එච්ඩීපී කරුණාරත්න සහ ඉෂාර හේමන්ත යන අයගේ නම් නාමල් රාජපක්ෂ විසින් යෝජනා කර තිබේ.
ඔවුන් දෙදෙනාගෙන් ඉෂාර හේමන්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම ඩී.වී චානක මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළ අයෙකි.
ඔවුන් දෙදෙනාගේ නම් යෝජනා කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අගෝස්තු 06 වන දා සිය ඉල්ලීම පරිසර අමාත්‍ය නසීර් අහමඩ් වෙත යොමු කර තිබෙන අතර පරිසර අමාත්‍යවරයා විසින් අදාල තනතුර සදහා එම්.එච්.ඩී.පී කරුණාරත්න යන අය පත් කර තිබේ.
ඊට අදාල පත්වීමේ ලිපිය අගෝස්තු 10වන දා නිකුත් කර තිබේ.