ඊයේ දිනයේ දී පමණක්
නාදුනන තුවක්කකරුවෝ
පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කරති.
ඊයේ සන්ධ්‍යාවේ දී අබ්ලන්ගොඩ ප‍්‍රදේශයේ දී නාදුනන තුවක්කු කරුවකු විසින් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.
වෙඩික්කරු යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා ඇති අතර, එක් පුද්ගලයෙකු වෙඩි තැබූ ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.
මේ අතර ඊයේ රාති‍්‍රයේ දී රත්නමලාන ප‍්‍රදේශයේ සිදු වූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ තිස් හැවිරිදි පුද්ගලයෙකි.
පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ අදාල තැනැත්තාට වෙඩි තබා පලා ගොස් ඇති බව වාර්තා වේ.