ඊයේ නොලැබුණු විශ්‍රාම වැටුප
අද ලැබෙයි ද…?
සිය විශ්‍රාම වැටුප් ලබා ගැනීම සදහා ඊයේ දිනයේ බැංකු වෙත ගොස් තිබුණු ජ්‍යේෂ්ඨ පුරවැසියන් බොහෝ දෙනෙකු අදාල මුදල් ලබා ගැනීමට නොහැකිව හිස් අතින් හැරී ආ බවට වූ ප්‍රවෘත්ති දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ වාර්තා විය.
විශ්‍රාම වැටුප් ගෙවීම සදහා මාසිකව රුපියල් බිලියන 26 ක මුදලක් වැය වේ.
භාණ්ඩාගාරයේ මුදල් තත්ත්වයේ මතු වූ ගැටළුවක් මත ඊයේ දිනයේ දී බැංකු වෙත විශ්‍රාම වැටුප් ගෙවීම සදහා මුදල් මුදාහැරීමට නොහැකි වූ බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා තිබේ.
කෙසේවෙතත් අද දිනයේ දී අදාල මුදල් බැංකු වෙත මුදාහැරීමට කටයුතු කරන බවට ඒ මහතා පොරොන්දු වී තිබේ.