ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි.
අළුත් සාමාජිකයන් පත් කිරීමට
ඉඩ ලබා දෙමින්, කෝප් සහ කෝපා කමිටු අක‍්‍රීය වෙයි.
ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ඒ අනුව, නැවත උත්සවාකාරයෙන් පාර්ලිමේන්තුව අගෝස්තු 03 වන දා යළි විවෘත කිරීමට නියමිත ය.
පාර්ලිමේන්තු වාරාවසාන කොට යළි විවෘත වන අවස්ථාවේ දී ජනාධිපතිවරයා සභාවට පැමිණෙන අතර, ඔහු විසින් රාජාසන කතාව හෙවත් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරයි.
එමෙන්ම පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් කෝපා සහ කෝප් කමිටු ඇතුළු කමිටු රැුසක කි‍්‍රයාකාරීත්වය ස්වයංක‍්‍රීයවම අක‍්‍රිය වේ. ඒ අනුව, එම කමිටුවල දැනට සිටින සාමාජිකයන් ඉවත්වන අතර අළුත් සාමාජිකයන් පත් කිරීමේ අවස්ථාවද උදා වෙයි.