ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ගෝලීය ආර්ථිකය තව තවත් අදුරු කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

0
215

කොරේ පිටට මරේ කිව්වාලු.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය
ගෝලීය ආර්ථිකය තව තවත් අදුරු කරනු ඇතැයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වී ඇති යුද්ධය, දැනටමත් අදුරු වළාවකින් වැසී ඇති ගෝලීය ආර්ථිකය තව දුරටත් අන්ධකාරය කරා රැගෙන යාමේ අවධානමක් නිර්මාණය කර ඇතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ, ක්‍රිස්ටලීනා ජෝර්ජීනා පවසයි.

විශේෂයෙන්ම, යුද්ධය, ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සම්බන්ධයෙන් ඇති කරනු ලබන බලපෑම පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරන බවද ඇය පවසා තිබේ.

මොරොක්කෝවේ පැවැත්වෙන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංක-ුවේ වාර්ෂික සමුළුවට සහභාගී වෙමින් ඇය මේ බව පවසා තිබුණි.
පසුගිය සෙනසුරාදා දිනයේ දී හමාස් සංවිධානය, ඊශ්‍රායලට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළ අතර, හමාස් සංවිධානය සමූල ඝාතනය කරන තෙක් යුද වදින බවට ඊශ්‍රායල ප්‍රතික්‍දක්‍දා දී තිබේ.

ඒ අනුව, මේ වන විටත්, ගාසා තීරයේ දරුණු ගැටුම් ඇති වී තිබේ.

යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින නිරායුධ සිවිල් වැසියන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය සිය කණස්සල්ල ප්‍රකාශ තිබුණි.

යුද ගැටුම් තවත් උග්‍රවීමට මත්තෙන් මැදිහත් වන ලෙස, ඈ, ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.

යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි සිතිය නොහැකි අතර, මැදපෙරදිග රටවල් ද ඊට මැදිහත් වනු ඇති බවට දැනටමත් සැක පළ වී තිබේ.

ඒ අනුව, තත්ත්වයන් නිර්මාණය වන්නේ, ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි ආකාරයටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 2 =