ඊශ්‍රායල හමුදා දින 36 ක දී ගාසා තීරයේ 11,000 ක් මරා දාලා…!

0
77

ඊශ්‍රායල හමුදා දින 36 ක දී
ගාසා තීරයේ 11,000 ක්
මරා දාලා..!

ඔක්තෝබර් හත්වනදා සිට මේ දක්වා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ එකොළොස් දහස ඉක්මවූ සිවිල් වැසියන් ප්‍රමාණයක් මියගොස් ඇති බව, හමාස් සංවිධානය යටතේ ඇති සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙම සංඛ්‍යාදත්ත සම්බන්ධයෙන් කිසිදු සැකයක් තමන්ට නැති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

තත්ත්වය ඒ තරම් බිහිසුණු බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය, වහා ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

ගාසා තීරයේ විශාලතම රෝහලවන අල් ෂිෆා රෝහල, ඊශ්‍රායල හමුදාවන්ගෙන් එල්ලවන ප්‍රහාර හේතුවෙන් මුළුමනින්ම බිද වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

රෝහල් පරිශ්‍රය තුළ, එක් ගොඩනැගිල්ලකින් තවත් ගොඩනැගිල්ලකට ගමන් කරන පුද්ගලයන් ඉලක්ක කරමින් පවා, ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නොමේරු ළදරු ඒකක තුළ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් රැසක්, ජීවිතාරක්ෂක ආධාර යන්ත්‍ර ක්‍රියා කිරීම නැවැත්වීම හේතුවෙන් මියගොස් ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 3 =