“උද්දිකට වෙඩි තැබූවේ කවුදැයි තාමත් හදුනාගෙන නෑ…!” පොලිසිය, අධිකරණයට කියයි.

0
120

“උද්දිකට වෙඩි තැබූවේ කවුදැයි
තාමත් හදුනාගෙන නෑ…!”
පොලිසිය, අධිකරණයට කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත් අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ 17 වන දා රාත්‍රියේ, අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරියේ දී, කිසියම් අයෙකු විසින් උද්දික ප්‍රේමරත්න මහතාට අයත් මෝටර් රථයට වෙඩි තබා තිබුණි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී ඔහු මෝටර් රථය තුළ සිට නැත.

සිද්ධිය සම්බන්ධයෙන් දෙඅංශයකින් විමර්ශන සිදුවන අතර, අනුරාධපුර පොලිසිය, ඔවුන් විසින් සිදුකරගෙන යන විමර්ශනයන්ගේ ප්‍රගතිය, ඊයේ දිනයේ දී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.

ඒ අනුව, පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ, මේ දක්වා කිසිදු සැකකරුවෙකු හදුනා ගැනීමට තමන්ට නොහැකි වූ බවත්.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියෝගය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙනම විමර්ශනයක් පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + twenty =