උද්ධමනය තවත් පහතට…!

0
275

උද්ධමනය තවත් පහතට…!
අගෝස්තුවේ 2.1% යි.
සැප්තැම්බරයේ 0.8% යි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් ගණනය කරනු ලබන සමස්ත උද්ධමනය, සැප්තැම්බර් මාසයේ දී 0.8% දක්වා පහත වැටී තිබේ.

අගෝස්තු මාසයේ එය පැවතියේ 2.1% ක් ලෙසය.

සැප්තැම්බරයේ ආහාර මිල උද්ධමනයේ යම් ඉහළ යාමක් වාර්තා කරයි.

අගෝස්ත-ු මාසයේ -5.4% ක් ලෙස පැවති ආහාර මිල උද්ධමනය, සැප්තැම්බරයේ දී -5.2% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය, අගෝස්තුවේ දී 9% ක් වූ අතර, එය සැප්තැම්බරයේ දී 5.9% ක් දක්වා පහත වැටී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + 10 =