උද්ධමනය 65% සිට 59.2% දක්වා පහතට..! ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව.

0
65

උද්ධමනය 65% සිට 59.2% දක්වා පහතට..!
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර මාසයේ උද්ධමනය පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

නොවැම්බර් මාසයේ උද්ධමනය 65% ක් ලෙස සටහන්ව තිබුණු අතර දෙසැම්බරයේ දී එම අගය 59.2% දක්වා පහත වැටී තිබේ.

එමෙන්ම ආහාර ඛාණ්ඩයේ උද්ධමනයද නොවැම්බරයට සාපේක්ෂව දෙසැම්බරයේ දී පහත වැටී තිබේ.

නොවැම්බරයේ ආහාර ඛාණ්ඩයේ උද්ධමනය 69.8% ක් ලෙස සටහන්ව තිබුණු අතර දෙසැම්බරයේ දී එය 59.3% දක්වා පහත වැටී තිබේ.
ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය නොවැම්බරයේ දී 60.4% ක් වූ අතර දෙසැම්බරයේ දී එය 59% දක්වා පහත වැටී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =