උද්ධිකට වෙඩි ප්‍රහාරයක්..!
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඔහුගේ අනුරාධපුරයේ පිහිටි නිවස ඉදිරියේ දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් බවත්, මෝටර් රථයේ පිටුපස අසුන ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවත් පොලිසිය පවසයි.
කෙසේ වෙතත්, වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට අනතුරක් සිදු වී නැත.