උපයාගත් ආකාරය අභිරහසක්.
බොරැල්ල කිංසි පාරෙන් ලක්ෂ 270 ක් වටින
නිවසක් මිලට අරන්.
මහින්දානන්දට එරෙහි නඩුව කල් යයි.
උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි ලෙස උපයාගෙන තිබුණු රුපියල් ලක්ෂ 274 ක මුදලක් යොදවා, මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී, බොරැල්ල කිංසි පාරෙන් නිවසක් මිලදී ගැනීම පිළිබදව, හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් මාසයේ 18 වන දා දක්වා කල්ගොස් තිබේ.
කොළඹ මහාධිකරණයේ විභාගවන මෙම නඩුව, මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා විසින්, මහින්දානන්ද අළුත්ගමගේට එරෙහිව පවරා ඇති එකකි.