උසස් පෙළ විභාගය කවද්ද..? හෙට කියන බව අධ්‍යාපන ඇමති කියයි.

0
184

උසස් පෙළ විභාගය කවද්ද..?
හෙට කියන බව අධ්‍යාපන ඇමති කියයි.


2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පවත්වන දිනය හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඒ පිළිබදව විමසූ අවස්ථාවේ දී, නව දිනය හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපනය අමාත්‍යවරයා පැවසී ය.

2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, මේ වසරේ නොවැම්බර් මාසයේ 27 වන දා සිට ආරම්භ වීමට නියමිතව තිබුණු අතර, බොහෝ පාර්ශ්වයන්ගේ ඉල්ලීම මත එම දිනය කල් තැබීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගනු ලැබී ය.

ඒ අනුව, විභාගය පැවැත්වෙන නව දිනය පිළිබදව, හෙට දිනයේ දී විභාග කොමසාරිස් වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − thirteen =