එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරයි.

0
691

එංගලන්තයට එරෙහිව
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
ඓතිහාසික ජයග්‍රහණයක්
වාර්තා කරයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර, එංගලන්තයේ පැවති දෙවන විස්සයි විස්ස තරගය විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සදහා එංගලන්තයේ සංචාරය කරයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කණ්ඩායමි් නායිකා චමරී අතපත්තු, පන්දු තිස් එකකදී ලකුණු පනස් පහක් රැස්කර ගත්තාය.

පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම, පන්දුවාර දහ අටකදී සියළු දෙනා දැවී ලකුණු 104ක් රැස්කරගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර දහතුනයි පන්දු දෙකක දී කඩුළු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේ ය.

මෙය එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වාර්තා කළ පළමු ජයග්‍රහණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 8 =