එක්සත් අරාබි එමීර් රාජ්‍යය පකිස්තානයේ ඩොලර් බිලියන දෙකක ණය කපා හරියි. තවත් ඩොලර් බිලියනක අළුත් ණයකුත් ලබා දෙයි.

0
112

එක්සත් අරාබි එමීර් රාජ්‍යය
පකිස්තානයේ ඩොලර් බිලියන දෙකක ණය කපා හරියි.
තවත් ඩොලර් බිලියනක අළුත් ණයකුත් ලබා දෙයි.


උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානය සිය රාජ්‍යයෙන් ලබාගෙන තිබෙන ණයෙන් ඩොලර් බිලියන දෙකක ප්‍රමාණයක් කපා හැරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබේ.

ඊට අමතරව තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් පාකිස්තානයට ලබා දෙන බවද එක්සත් අරාබි එමීර් රාජ්‍යය පොරොන්දු වී තිබේ.

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සිය රාජ්‍යයට උදව් අවශ්‍ය බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂාරිෆ්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් වෙත දැනුම් දීමෙන් පසුව පාකිස්තානයට මෙම සහනය ලබා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබේ.

පාකිස්තානයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 274 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 6 =