එක්ස්ප්‍රස් පර්ල් නැව අයත් සමාගමෙන් ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා ගත්තේ කවුද..? අධිකරණ ඇමති ප්‍රශ්න කරයි.

0
621

එක්ස්ප්‍රස් පර්ල් නැව අයත් සමාගමෙන් ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා ගත්තේ කවුද..?
අධිකරණ ඇමති ප්‍රශ්න කරයි.

2021 වසරේ ජූනි මාසයේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව, නීතිමය පියවර ගැනීම, අසීමාන්තික ලෙස ප්‍රමාද වෙමින් තිබෙන බවට පාර්ශ්ව රැසක් චෝදනා කරමින් සිටියි.

ඒ අතර, මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අදාල සමාගම හා සාකච්ඡා පවත්වමින් සිටින මෙරට කිසියම් පාර්ශ්වයකට, ඇමරිකානු ඩොලර් මිලියන 250 ක දැවැන්ත මුදලක් ලැබී ඇති බව තමන්ට දැන ගන්නට ලැබී ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඉන් නොනැවතී, අදාල මුදල බ්‍රිතාන්‍යයේ ඇති බැංකු ගිණුමකට බැරවී ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා චෝදනා කරයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් විමර්ශන අරබන ලෙස අධිකරණ අමාත්‍යවරයා පොලිස්පතිවරයාගේ ඉල්ලා සිටියි.

එක්ස්ප්‍රල් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම සදහා සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් සිටියි.

ලංකාවට අයත් මුහුදු සීමාවේ සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීම ඇතැම් පාර්ශ්ව චෝදනා කළද, අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ ඒ සම්බන්ධයෙන් තමන්ට විවේචනයක් නැති බවයි.

නෞකාව මුහුදුබත් වීම පිළිබදව සොයා බැලීම සදහා පත් කර තිබුණු විශේෂඥ කමිටුවේ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ලැබිය යුතුව තිබුනද, එම වාර්තාව ලැබී ඇත්තේ මේ වසරේ ජනවාරියේ දී ය.

වාර්තාව ලැබීම ප්‍රමාද වීමද, නඩු කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද වීමට හේතු වී තිබුණි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු ආංශික අධීක්ෂණ කාරක සභාවට නෞකාව අයත් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන්ද සහභාගී වී ඇති අතර, ඔවුන් කාරක සභාවෙන් ඉවත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා කටයුතු කර තිබුණි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වන අවස්ථාව වන විට අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ අලි සබ්රි මහතා විසිනි.

THE ISLAND –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + 4 =