එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීම; ඩොලර් බිලියන තුනක වන්දිය නොලැබී යාමේ අවදානමක්…! අධිකරණ ඇමති අනතුරු හගවයි.

0
131

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීම;
ඩොලර් බිලියන තුනක වන්දිය
නොලැබී යාමේ අවදානමක්…!
අධිකරණ ඇමති අනතුරු හගවයි.


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදු බත් වීම හේතුවෙන් මෙරට සමුද්‍ර පද්ධතියට සිදු වූ හානිය සදහා ශ්‍රී ලංකා රජයට ලැබිය ඇමරිකානු ඩොලර් බිලියන 3 ක වන්දි මුදල් නොලැබී යාමේ අවදානමක් පවතින බව අධිකරණ අමාත්‍යවරයා පවසා තිබේ.

එසේ වීමට ප්‍රධානම හේතුව නෞකාව මූදුබත් වීම හේතුවෙන් සිදු වී ඇති පරිසර හානිය පිළිබවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සකස් කළ යුතු අවසන් වාර්තාව සකස් කොට නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දීමට මේ දක්වා කටයුතු නොකර තිබීමයි.

අදාල වාර්තාව සැප්තැම්බර් 19 වන දා වන විට අධිකරණ අමාත්‍යංශයට ලබා දීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මීට පෙර පොරොන්දු වී තිබුනද එම කාලය මේ වන විට ඉක්මවා ගොස් තිබේ.
ජනවාරි මාසයේ මැද වන විට වාර්තාව අධිකරණ අමාත්‍යංශයට ලබා දිය හැකි බවට ඔවුන් යළි පොරොන්දු වී ඇති බව පැවසේ.

කෙසේ වෙතත්, අදාල වාර්තාව සති තුනක් ඇතුළත නීතිපති දෙපාර්තමේන්තුව ලබා දීමට කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරයට දැනුම් දී තිබේ.

වන්දි ලබා ගැනීම සදහා කටයුතු කිරීමට නම් එම කාල සීමාව තුළ අවසන් වාර්තාව ලැබිය යුතු බවත් එසේ නොවන්නේ වන්දි ලෙස ඉල්ලා සිටින ඇමරිකානු ඩොලර් බිලියන තුනක මුදලක් රටට නොලැබී යාමේ අවදානමක් ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කරයි.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම සම්බන්ධව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සකස් කළ වාර්තාවක් අධිකරණ අමාත්‍යංශයට ඉදිරිපත් නොකර – නීතිමය කටයුතු සදහා තෝරාගෙන තිබෙන ඕස්ටේ්‍රලියානු සමාගමකට ලබා දීමට අධිකාරිය කටයුතු කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කර තිබෙන බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මුහුදු බත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් සියල්ල සම්පූර්ණයෙන් ම ඉවත්කරන තෙක් ඒ සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාවක් සකස් කිරීම කළ නොහැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිය පවසයි.

නැව මුහුදුබත් වූ දා සිට අගෝස්තු දක්වා කාලය තුළ සිදුව තිබෙන පරිසර හානිය පිළිබදව වාර්තාවක් ඔවුන් ඕස්ටේ්‍රලියානු නීති උපදේශන ආයතනයකට ලබා දී තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය පවසයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 3 =