එක රටක් එක නීතියක් අවසන් වාර්තාව කුණු කූඩයට දමන බව
ජනපති රනිල් වික්‍රමසිංහ කියයි…?
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී ස්ථාපිත කරන ලද එක රටක් එක නීතියක් පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සම්පාදනය කරන ලද එක රටක එක නීතියක් අවසන් වාර්තාව තමන් භාර නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ.
එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බලකාය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් රැස් වූ කමිටුවකි.
පසුගිය දා ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මණ්ඩය අතර පැවති හමුවකදී තමන් එම වාර්තාව භාර නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසී යැයි මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා පවසයි.
එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් අරගලයට සම්බන්ධ පිරිස් අත් අඩංගුවට ගැනීම නවත්වන ලෙසත් තමන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවත් හකීම් පවසා තිබේ.