පුංචි ඡන්දයට සූදානම්වන ලෙස
දිස්ත්‍රික් මැතිවරණ නිළධාරීන්ට
මැතිවරණ කොමිසම උපදෙස් දෙයි.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කර ගනිමින් මැතිවරණය සදහා සූදානම් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය නිළධාරීන් සහ වාහන ඇතුළු අනෙකුත් අවශ්‍යතා පිළිබදව ගණන් බලන ලෙස මැතිවරණ කොමිසම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.
පලාත් පාලන ආයතන 340 ක් සදහා නියෝජිතයන් තෝරා ගැනීමට අදාල මැතිවරණය පවත්වා මාර්තු මාසයේ 20 වන දා ට පෙර ආයතන ස්ථාපිත කළ යුතුව තිබේ.
මේ අවස්ථාවේ දී පලාත් පාලන මැතිවරණය පැවැත්වීම නොකළ යුතු දෙයක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් වන අකිල විරාජ් කාරියවසම් සහ පාලිත රංගේ බණ්ඩාර වැනි අය ඒ බව ප්‍රසිද්ධියේම පවසා සිටියේ ය.
මේ අතර අවසාන මොහොතේ දී හෝ ආණ්ඩුවේ කුමන්ත්‍රණයට යට වි මැතිවරණ කොමිසම මැතිවරණය කල් දමනු ඇතැයි සජබය සැක කරයි.