‘එදා ඒ මාධ්‍ය හමුවේ දී මං කියපු හැම දේම ඇත්ත…!’ සුදුවෑන් මාධ්‍ය හමුවට වාඩි වූ මිනිසා කියයි.

0
610

‘එදා ඒ මාධ්‍ය හමුවේ දී
මං කියපු හැම දේම ඇත්ත…!’
සුදුවෑන් මාධ්‍ය හමුවට වාඩි වූ
මිනිසා කියයි.


ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවේ දී තමන් විසින් ප්‍රකාශ කරන ලද සියල්ල – තමන් විසින්ම අත් විදින ලද සත්‍යය බව එම මාධ්‍ය හමුවට සහභාගී වූ අතුල සංජීව මදනායක නැමති පුද්ගලයා අද අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අදාල නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී ය.

එම මාධ්‍ය හමුව පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුව තමන් ව අත්අඩංගුවට ගත් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම තමන් රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකර බවත් ඔහු පවසා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයෙකු තමන්ට මරණ තර්ජනය කරමින්, කටඋත්තරයක තිබුණු “රාජා” යන නම “රාජිත” ලෙස වෙනස් කරන්නැයි බලකල බවද ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + two =