එන්තරවාසි යැවීමෙන් නොනවතී.
සාගර කාරිවසම්ට,
තිස්සකුට්ටිට සහ දෙරණට එරෙහිව අනුර නඩු දමයි.
පොහොට්ටු පක්ෂ මහලේකම් නීතීඥ සාගරකාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි සහ දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව, රුපියල් බිලියන විස්සක වන්දියක් ඉල්ලා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
පසුගිය අගෝස්තු දහනමවනදා පැවති මාධ්‍ය හමුවක දී, ජනතා විමුක්ති පෙරමුණ, මෝල්ටාවේ මුදල් ආයෝජනය කර ඇති බවට, පොහොට්ටු පක්ෂ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි චෝදනා කළ බවත්, එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් පවසමින් අනුර කුමාර දිසානායක මහතා මෙම වන්දි නඩුව පවරා තිබේ.
ඔවුන්ගේ චෝදනා සත්‍යයදැයි තමන්ගෙන් හෝ තම සන්විධානයෙන් නොවිමසා එය ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්, දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව ද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා නඩු පවරා තිබේ.