එන්න නියමිත අයවැය;
මුළු මුදලෙන් 86% ක් අමාත්‍යංශ අටකට.
අධ්‍යාපනයට වෙන් කරන මුදල
ආරක්ෂාවට වෙන් කරන මුදලෙන් අඩකටත් අඩුයි.
සෞඛ්‍යයටත් ආරක්ෂාවට වඩා අඩු මුදලක්.
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අයවැය විසර්ජන පනත පිළිබදව අධ්‍යයනය කිරීමේ පසුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසත්ත අතුකෝරාළ මහතා, එම විසර්ජන පනතින් හෙළිවන කරුණු කිහිපයක් ගෙන හැර දක්වා තිබේ.
ඔහුගේ එම කරුණු දැක්වීම අනුව, සමස්ත වැය ශීර්ෂයෙන් 86% ක් ම අමාත්‍යංශ අටකට වෙන් කර තිබේ.
අමාත්‍යංශ 21 කට වෙන්කර තිබෙන මුදල සමස්ත වැය ශීර්ෂයෙන් 14% කටත් වඩා අඩු ය.
ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් වැය කිරීමට ඇස්තමේන්තුගතකර තිබෙන මුදල රුපියල් කෝටි 56,500 කි. එය සමස්ත වැය ශීර්ෂයෙන් 15% කි.
අධ්‍යාපනය සදහා වෙන්කර තිබෙන මුදල ආරක්ෂක අමාත්‍යංශය සදහා වෙන්කර තිබෙන මුදලින් අඩකටත් වඩා අඩු ය.
සෞඛ්‍ය සදහා වෙන්කර තිබෙන්නේ ද ආරක්ෂාව සදහා වෙන්කර තිබෙන මුදලට වඩා අඩු මුදලකි.
මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට මාධ්‍යවේදී සුජිත් හේවාපූලිගේ ලියූ සටහනින් උපුටා ගනු ලැබුණි.