එන්.එම්.ආර්.ඒ අනුමැතිය ඇති බවට
ව්‍යාජ ලිපි ලේඛන සකසා
ඉන්දියාවෙන් ඖෂධ ගෙනත්…!
ජාතික ඖෂධ නියාමන අධිකාරිය
සී.අයි.ඩී යයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බවට, ව්‍යාජ ලිපි ලේඛන සකසා, ඉන්දියානු සමාගමකින් ඖෂධ ආනයනය කර තිබූ Isolez Biotech Pharma Ag. Ltd. නම් දේශීය සමාගමට එරෙහිව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන බව ඩේලි එෆ්.ටී පුවත්පත වාර්තා කරයි.
නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර ගෙන්වන ලද එකී ඖෂධය ලබා දුන් කොළඹ ජාතික රෝහලේ සහ මාතලේ මහ රෝහලේ රෝගීන් අතර අසාත්මික ප්‍රතික්‍රියා වාර්තා වී ඇති අතර, ඒ පිළිබදව කරන ලද විමර්ශනයේ දී අදාල සමාගම විසින් කර තිබෙන මෙම වංචාසහගත ක්‍රියාව හෙළිදරව් වී තිබේ.
Human immunoglobulin IV නමැති එකී ඖෂධය ආනයනය කිරීමට පෙර ඒ අසදහා අවශ්‍ය අවසරය, ජාතික ඖෂධ නියාමන අධිකාරයෙන් ලබා ගැනීමට අපොහොසත් වී තිබෙන අදාල සමාගම, ඉන් පසුව, ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබුණු බවට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට රේගුවෙන් ඖෂධ තොගය මුදාගෙන තිබේ.
කෙසේ වෙතත්, මේ වන විට එකී ඖෂධය භාවිතය අත්හිටුවා ඇති බව වාර්තා වේ.