එමිල්කාන්තන්ට සහ තවත් අයෙකුට අලවා තිබූ ත්‍රස්තවාදී ලේබලය ආරක්ෂක අමාත්‍යංශය ඉවත් කරයි.

0
351

එමිල්කාන්තන්ට සහ තවත් අයෙකුට
අලවා තිබූ ත්‍රස්තවාදී ලේබලය
ආරක්ෂක අමාත්‍යංශය ඉවත් කරයි.

ත්‍රස්තවාදයට සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සදහා අනුබල දෙන ලදයි අසාදු ලේඛනගත කර තිබුණු පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් එකී අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර තිබේ.

මෙසේ අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති පුද්ගලයන් දෙදෙනා වන්නේ, වව්නියාව, වෙප්පම්කුලම්, මරදවාඩී හී පදිංචි නික්ලපිලෙයි ඇන්ටනි එමිල් ලක්ෂ්මන් කාන්තන් හෙවත් රමේශ් යන නමින් හදුන්වන තැනැත්තා සහ යාපනය, නල්ලූර්හී පදිංචි මුරුගේසු ශ්‍රී ෂන්මුගරාජා යන අයයි.

ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම්වල නිරතව සිටි බවට චෝදනා එල්ල වී සිටි රමේශ් හෙවත් එමිල් කාන්තන්ට එරෙහිව, 2010 වසරේ ජූලි 27 වන දා සිට ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන නිකුත් කර තිබුණු අතර, ඔහු 2014 වසරේ සිට අසාදුලේඛනගතව සිටියේ ය.

්කෙසේ වෙතත්, අදාල පුද්ගලයන් දෙදෙනාගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට අවශ්‍ය ගැසට් නිවේදනය ඊයේ දිනයේ දී ආරක්ෂක ලේකම් කමල් ග-ුණරත්න විසින් නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + 17 =