එය සිය දිවි නසා ගැනීමක් ද..? නැතිනම් ඝාතනයක් ද..?මරණය සිදු වී දින 391 කට පසුව සියළු රහස් අනාවරණය අද…!

0
1214

එය සිය දිවි නසා ගැනීමක් ද..?
නැතිනම් ඝාතනයක් ද..?
මරණය සිදු වී දින 391 කට පසුව
සියළු රහස් අනාවරණය අද…!

සුප්‍රකට ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් අද දිනයේ දී සිදු වීමට නියමිත ය.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණය මගින් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව, ඊයේ දිනයේ දී එකී විශේෂඥ කමිටුව අධිකරණයට භාර දී ඇති අතර, අද දිනයේ දී අධිකරණය එම වාර්තාවේ කරුණු හෙළි කිරීමට නියමිත ය.

දිනේශ් ෂාෆ්ටර් මහතාගේ දේහය, බොරැල්ල කනත්තේ තිබී සොයා ගනු ලැබුවේ, 2022 වසරේ දෙසැම්බර් මාසයේ 15 වන දා ය.

ඔහුගේ මරණය ඝාතනයක් බව මුලදී සදහන් කළ අතර, පසුව එය සිය දිවි නසා ගැනීමක් විය හැකි බවට සැක කලේ ය.

කෙසේ වෙතත්, ඔහුගේ අභිරහස් මරණය පිළිබදව සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුව මරණයේ සැබෑ හේතු අනාවරණය කරගෙන ඇතැයි විශ්වාස කරන අතර, අද දිනයේ දී අධිකරණය එකී වාර්තාව ජනගත කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − eleven =