එස් නන්දලාල්, A ශ්‍රේණියේ මහබැංකු අධිපතිවරු 21 අතරට නම් කරයි.

0
1997

එස් නන්දලාල්
A ශ්‍රේණියේ මහබැංකුඅධිපතිවරු 21 අතරට
නම් කරයි.

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය පදනම් කරගත් ග්ලෝබල් ෆයිනෑන්ස් සගරාව, 2023 වසර සදහා මහබැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කර තිබෙන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, එස් නන්දලාල් මහතා, විශිෂ්ඨතම ශ්‍රේණිය වූ ඒ ශ්‍රේණියට ඇතුළත් මහබැංකු අධිපතිවරු 21 දෙනා අතරට එක්කර තිබේ.

උද්ධමනය පාලනය කිරීම, ආර්ථික වර්ධන ඉලක්ක හඹායාම, මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සහ පොලී අනුපාත පාලනය කිරීම යන කාරණාවලදී මහබැංකු අධිපතිවරු දක්වා තිබෙන සුහුරුභාවය පදනම් කර ගනිමින්, ග්ලෝබල් ෆයිනෑන්ස් සගරාව, මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ.

ඒ ශ්‍රේණියේ මහබැංකු අධිපතිවරු අතර අංක එකට සිටින්නේ ඉන්දියානු මහබැංකුවේ අධිපතිවරයා ය. පිළිවෙළින් ස්විට්සර්ලන්ත සහ වියට්නාම මහබැංකු අධිපතිවරු අංක දෙක සහ තුන යන ස්ථානවල සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 19 =