‘එළියට බහින්න එපා..!’ තායි පොලිසිය ගෝඨාභයට උපදෙස් දෙයි.

0
911

‘එළියට බහින්න එපා..!’
තායි පොලිසිය ගෝඨාභයට උපදෙස් දෙයි.


මේ වන විට තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණ සිටින නෙරපූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු නැවතී සිටින හෝටලයෙන් පිටතට නොයන ලෙසට තායිලන්ත පොලිසිය උපදෙස් දී ඇති බව බැංකොක් පෝස්ට් වාර්තා කර සිටියි.

පසුගිය බ්‍රහස්පතිදා දිනයේ රාත්‍රී අටට පමණ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තවත් තිදෙනෙකු වෙන් කරගත් ගුවන් යානාවක නැගී බැංකොක් වෙත ළගා වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතී සිටින හෝටලය පිළිබද තොරතුරු මාධ්‍යයට හෙළි කර නැති අතර ඔහු නැවතී සිටින හෝටලය තුළ සිවිල් ඇදුමින් සැරසුණු තායිලන්ත පොලිස් නිළධාරීන් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + eleven =