‘ඒ කතා හරි යන්නෑ. නියමිත පරිදි ඡන්දය තබන්න…!’ පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කරයි.

0
155

මුදල් අමාත්‍යංශය මුදල් දෙන්න බෑ කියයි.
ආරක්ෂක අමාත්‍යංශය ආරක්ෂාව දෙන්න බෑ කියයි.

ඒ කතා හරි යන්නෑ.
නියමිත පරිදි ඡන්දය තබන්න…!
පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය
රජයට නියෝග කරයි.

ආණ්ඩුව, අරමුදල් නැති බව ප්‍රකාශ කරමින් මැතිවරණය කල් දැමීමට දරන උත්සාහය පරාද කරමින් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ දින අනූවක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

මෙම මැතිවරණය එරට ප්‍රධාන පලාත් දෙකකට අදාලව පැවැත්වීමට නියමිතය.

පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මැතිවරණ පෙත්සම විභාග කර තිබුණු අතර එහිදී අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළුව විනිසුරුවරු තිදෙනෙක් ඉහත නියෝගය ලබා දීමට කටයුතු කර තිබේ.

පාකිස්තාන රජය මැතිවරණය කල් දැමීමට හෝ එය නොපවත්වා සිටීමට උත්සාහ දරන්නේ බලයෙන් පහකරන ලද හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පක්ෂය අදාල පලාත් දෙක ජය ගනු ඇති බවට වන විශ්වාසය නිසා යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මැතිවරණය සදහා අවශ්‍ය මුදල් නිකුත් කිරීමට නොහැකි බව මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශ කර තිබෙන අතර ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත්තේ අවශ්‍ය ආරක්ෂාව සැපයීමට නොහැකි බවයි.

නමුත් ඒ සියලු කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 1 =