‘ඒ නම් ලයිස්තුව හදලා තියෙන්නේ දූෂිත ඇමතියෙක් සහ කුප්‍රකට කලාකාරයෙක්..!’ ගම්මන්පිල කියයි.

0
949

ඒ නම් ලයිස්තුව හදලා තියෙන්නේ
දූෂිත ඇමතියෙක් සහ කුප්‍රකට කලාකාරයෙක්..!
ගම්මන්පිල කියයි.

තිළිණී පියුමාලී නම් කාන්තාව විසින් පවත්වාගෙන යන ලද මූල්‍ය සමාගමක තමන් කිසිදු මුදලක් තැන්පත් කර නැතැයි උදය ගම්මන්පිල මහතා පවසයි.

තමන්ගේ නමද ඊට ඇත-ුළත් කරමින් අදාල කාන්තාව ළග මුදල්තැන්පත්කරන ලද පුද්ගලයන්ගේ යැයි කියන ව්‍යාජ නාම ලේඛනයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

එහි නම් සදහා බොහෝ දෙනා පසුගිය කාලය තුළ ආණ්ඩුවට එරෙහිව දැඩිව අදහස් දැක්වූ අය බවද මන්ත්‍රීවරයා පවසයි.

ව්‍යාජ නාම ලේඛනය සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන ලෙස උදය ගම්මන්පිල මහතා අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

මෙම ව්‍යාජ නාම ලේඛනය සකස් කිරීම පිටුපස සිටින්නේ දූෂණ චෝදනා එල්ල වී ඇති අමාත්‍යවරයෙක් සහ කුප්‍රකට කලාකරුවෙකු බව දැනගන්නට ලැබී ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 15 =