ඒ සුපිරි හෝටලය රෝහිත රාජපක්ෂගේ.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙයි.
පසුගිය මැයි නම වන දා අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ මැර කණ්ඩායම් විසින් නිරායුධ ගාළු මුවදොර ගෝඨා ගෝ ගමට එල්ල කළ පහර දීමෙන් පසුව රට පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ සිංහරාජයට මායිම්ව පිහිටා සුපිරි හෝටලයක් ද ගිනි බත් විය.
අදාල හෝටලය [Green Eco Lodge] මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂට හිමි එකක් බව වාර්තා වූ අතර යෝෂිත රාජපක්ෂ එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කලේය.
ඔහු පවසා තිබුණේ හෝටලය ඔහුට අයත් එකක් නොවන බවයි.
කෙසේ වෙතත් එම හෝටලයේ සැබෑ හිමිකරු යෝෂිත රාජපක්ෂ නොව රාජපක්ෂ මහතාගේ බාල පුතුවන රෝහිත රාජපක්ෂගේ බව මේ වන විට තහවුරු වී තිබේ.
මැය නම වන දා එම හෝටලය ගිනි තැබීමට සම්බන්ධ වූ බවට සැකපිට පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.