ඔක්ටේන් 92 පමණක් මිල ඉහලට.
නව මිල ලීටරය රුපියල් 400 යි.
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තිහකින් ඉහළ දමන බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් හාරසියයකි.
අනෙකුත් ඉන්ධන වර්ගයන්ගේ මිල ගණන් වෙනස් වී නැත.
