ඔක්තෝබරයේ ෂී යෑන්ග් 06
පැමිණීමෙන් පසුව
තවත් එවැනිම චීන නෞකාවක් –
“ෂියෑන් යැන්ග් හොන්ග් 03” –
ජනවාරි අග පැමිණෙයි..!
පර්යේෂණ නෞකාවක් ලෙස චීනය විසින් හදුන්වන, ෂී යෑන්ග් 06 -shi yan 6- නෞකාව, ඔක්තෝබර් මාසයේ 26 වන දා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
කොළඹ වරාය බලා පැමිණීමේ අපේක්ෂාවෙන් නැව මේ වන විට මලක්කා සමුද්‍ර සන්ධිය පසුකරමින් සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.
විදෙස් මාධ්‍ය එකී නැව හදුන්වනු ලබන්නේ පර්යේෂණ නෞකාවක් ලෙස නොව, ඔත්තු බැලීමේ නෞකාවක් ලෙසයි.
ෂී යෑන්ග් 06 නෞකාව පැමිණීමෙන් පසුව, තවත් එවැනිම නෞකාවක් වූ ෂියෑන්ග් යෑන්ග් හොන්ග් 03 -Xiang Yang Hong 03- නෞකාව ද ලබන වසරේ ජනවාරි මාසයේ අගවන විට ලංකාවට පැමිණෙනු ඇති බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.
ෂී යෑන්ග් 06 නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම, එක්සත් ජනපදය සහ ජපානය ද කණස්සල්ලෙන් පසුවේ.
නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වන්නේ, ක්‍රමාණුකූලව මුහුදුපත්ල සිතියම්ගත කිරීමට යැයි ඉන්දියාව සැක පළ කරන බව පැවසේ.
නෞකාව මෙරට මුහුදු සීමාව තුළ රැදී සිටින කාලය තුළ, නාරා ආයාතනයේ නියෝජිතයන්ට ඒ තුළ රැදී සිටීමින්, චීන විද්‍යාඥයන් විසින් සිදු කිරීමට නියමිත පර්යේෂණ කටයුතු සමග එක්වීමට නියමිතය.
ඒ ඔස්සේ, චීන නෞකාව, වෙනත් කිසිදු රටකට හානිකර දෙයක් නොකරනු ඇති බව සහතික කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බවද ඩේලි මිරර් පුවත්පත පවසයි.