ඔක්තෝබර් මාසයේ
වයස අවුරුදු 16 ට අඩු
ගැහැණු දැරිවියන් 131 ක්
බරපතල ලිංගික අපයෝජනයට ලක් වෙලා..!
සැප්තැම්බරයේ එය 168 ක්.
ගෙවුණු ඔක්තෝබර් මාසයේ දී වයස අවුරුදු දහසයට අඩු ගැහැණු දැරිවියන් එකසිය තිස් එක් දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ගොදුරු වී ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය නිවේදනය කරයි.
නියෝජ්‍ය පොලිස්පතිනී, රේණුකා ජයසුන්දර මහත්මිය මේ බව අනාවරණය කර තිබෙන අතර, ඇය පවසා ඇත්තේ, බරපතල ලිංගික අපයෝජනයට ගොදුරු වූ එකී දැරිවියන් 131 දෙනාගෙන් දැරිවියන් දස දෙනෙකු ගැබ්ගෙන ඇති බවට වාර්තා වී ඇති බවයි.
මේ අතර, පසුගිය සැප්තැම්බර් මාසයේ දී එකී වයස් ඛාණ්ඩයටම අයත් ගැහැණු දැරිවියන් 168 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයන්ට ගොදුරු වී ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබද ඇමතිනී, ගීතා කුමාරසිංහ මහත්මිය හෙළිකර තිබේ. එසේ ලිංගික අපයෝජනයට ගොදුරු වූ ගැහැණු දැරිවියන් 168 දෙනාගෙන් 22 ක් ගැබ්ගෙන ඇති බව වාර්තා වී ඇතැයි ද ඇය පවසයි.