ඔක්තෝබර් 07 වන දා සිට මේ දක්වා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන්, වෛද්‍යවරු ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 110 ක් මියගිහින්. ගිලන් රථ විසිපහකට වඩා විනාශයි. රෝහල් 12 ක් මුළුමනින්ම වහලා දාලා.

0
86

ඔක්තෝබර් 07 වන දා සිට මේ දක්වා,
ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන්,
වෛද්‍යවරු ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල
සාමාජිකයන් 110 ක් මියගිහින්.
ගිලන් රථ විසිපහකට වඩා විනාශයි.
රෝහල් 12 ක් මුළුමනින්ම වහලා දාලා.

ඔක්තෝබර් 07 වන දා සිට මේ දක්වා වූ ගෙවුණු කාලය තුළ, ගාසා තීරයේ, වෛද්‍යවරු ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණඩල සාමාජිකයන් 110 දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ඊට අමතරව, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන්ට ගිලන් රථ පනහක පමණ ප්‍රමාණයක් ලක්ව ඇති බවත්, ඉන් අඩක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් අල් ජසීරා පුවත්සේවය පවසයි.

බෝම්බ හෙළීම නිසා හෝ ඉන්ධන අවසන් වීම හේතුවෙන් රෝහල් 12 ක් සහ ප්‍රාථමික සෞඛ්‍ය සායන 46 ක් වසා දමා තිබේ.

එමෙන්ම, මේ වන විට තත්ත්වය තවත් දරුණු වී ඇති බව වාර්තා වන අතර, මෘත ශරීරාගර පිරීගොස් ඇති බවත්, සන්නිවේදන සම්බන්ධතා බිද වැටී ඇති බැවින්, ගිලන් රථ සේවා ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවත්, එබැවින් වහාම ඊයේ දිනයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කර ගන්නා ලද යෝජනාවට අනුව, ගාසා තීරය සදහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානයද ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 4 =