ඔක්තෝබර් 10 ට පෙර
රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් 41 ක්
ඉවත් කර ගන්නා ලෙස
ඉන්දියාව කැනඩාවට දැනුම් දෙයි.
ඔක්තෝබර් 10 වන දා ට පෙර, සිය රට තුළ සිටින කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 41 දෙනෙකු ඉවත් කර ගන්නා ලෙස ඉන්දියාව, කැනඩාවට දැනුම් දී තිබේ.
කැනඩාව තුළ ජීවත් වූ හර්දීප් සිංග් නමැති සික් ජාතිකයාගේ ඝාතනය ඉන්දියාව විසින් කරන ලද බවට කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කලේ ය.
අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශයත් සමග, ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික්ක සම්බන්ධතාවය පෙර කිසි දිනෙක නොවූ විරූ ලෙස අර්බුදයට ගොස් තිබේ.
හර්දීප් සිංග් නමැති සික් ජාතිකයා ඉන්දියාවට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.
ඔහු කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා සිටි අතර, ජූනි 18 වනදා නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඔහු වෙඩි තබා ඝාතනය කරනු ලැබී ය.
ඉන්දියාව තුළ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් හැට දෙදෙනෙකු සිටින අතර, ඉන් හතලිස් එක් දෙනෙකු ඉවත් කර ගන්නා ලෙස ඉන්දියාව විසින් කැනඩාවට දැනුම් දී තිබේ.