ඔන්ලයින් සේෆ්ටි පනතට එරෙහිව පළමු නඩුව වැටෙයි.

0
787

ඔන්ලයින් සේෆ්ටි පනතට එරෙහිව
පළමු නඩුව වැටෙයි.


මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයා විසින්, ඊයේ දිනයේ දී සභාගත කරන ලද මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබද පනත් කෙටුම්පතට එරෙහිව, පළමු මූලික අයිතිවාසිකම් පෙත්සම, ඊයේ දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

පෙත්සම ගොනු කර තිබෙන්නේ මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදරයි.

පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.

එමෙන්ම, අදාල පනත් කෙටුම්පත, මූලික මිනිස් අයිතිවාසිකමක් වූ ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහසට වැට බදින බව ද පෙත්සම්කරු පවසයි.

ඒ අනුව, යෝජිත් මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබද පනත සම්මත වීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත කර ගත යුතු බවත් ඊට අමතරව ජනමත විචාරණයකට යා යුතු බවත් ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 16 =