‘ඔබතුමාලා දැන් රට පාලනේ කළා ඇති…!’ මිහින්තලේ නායක හාමුදුරුවෝ අගමැතිට කියති.

0
762

‘ඔබතුමාලා දැන් රට පාලනේ කළා ඇති…!’
මිහින්තලේ නායක හාමුදුරුවෝ
අගමැතිට කියති.

‘‘අවුරුදු හැටෙන් සියලු රාජ්‍ය සේවකයන්
විශ්‍රාම යා යුතු සේ පාර්ලිමේන්තුවටත්
මීළඟට පත්කළ යුත්තේ හැටට අඩු කට්ටිය
යැයි මිහින්තලය රජමහා විහාරාධිපති
ආචාර්ය වලවාහැංගුණුවැවේ ධම්මරතන
හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන්
කළේ අගමැති දිනේෂ් ගුණවර්ධන
මිහින්තලා රාජමහා විහාරයට පැමිණ
ඊයේ [19 වැනිදා] උන්වහන්සේ බැහැ
දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ
දී අනුශාසනාවක් කරමිනි.

නාහිමියෝ එහිදී මෙසේද කීහ.
‘‘දැන් සියලු දෙනාටම
හැටෙන් විශ්‍රාම යන්න කිව්වනේ.
පාර්ලිමේන්තුවේ ඔබතුමන්ලාට
සිහිකල්පනාව තියෙනවානේග බොහෝ
අය වාරුවක් නැතිව යන්නේ
ඔබතුමන්ලා දැන් කළා ඇති. ඒ හින්දා
මම හිතන හැටියට ඊළඟට හැටට අඩු කට්ටියට තමයි දෙන්න ඕනෑ.
ජනාධිපතිතුමා කිව්ව ක්‍රිකට් ටීම් එක
හොඳයි කියලා. ක්‍රිකට් ටීම් එක හොඳ
වුණේ ඒ කට්ටිය සමගියෙන් එකා
වගේ ක්‍රීඩා කළ නිසයි.
පාර්ලිමේන්තුවේ දෙසිය විසි පස්
දෙනා මේ කපේට එක්සත් වෙන්‌නේ
නෑ. අතේ ඇඟිලි පහ වගේ.


ඔබතුමන්ගේ පුතත් පාර්ලිමේන්තුවේ
ඉන්නවා. පිටරටවල තියෙනවා එක
පවුලෙන් එක්කෙනාටයි ඡන්දේ
ඉල්ලන්න පුළුවන්. නැති වුණොත් නඩු
දානවා. ඔබතුමා හොරකම් කරනවා
කියන එක නොවෙයි කියන්නේ.
හොරකමට එක්කහු වෙනවා. ටොප්
ලෙවල් එකේ හොරකම් නිසා
මේක වෙනස් කරන්න බැරි වෙලා
තියෙනවා. මේ හොරකම් කරපු
දේපළම ගත්තොත් අපිට ඇති මේ
රට දුවන්න.


මන්ත්‍රිවරුත් වැඩියි. දිස්ත්‍රික්ක විසි
පහට දෙන්නා ගානේ පනහක් දැම්මා
නම් ඇති. පළාත් නවයට ඇමැති
නවයක් දෙනවා. නැත්නම් රුහුණු,
පිහිටි, මායා කියලා පළාත් තුනයි.
මේක ගොඩගන්න ඕනෑ. නැත්නම්
අපේ වළටත් එක්ක හෙණ ගහපන්
කියනවා. අනිත් එක දේශපාලනය
දෙපාරකට වඩා ඉල්ලන්න දෙන්න
හොඳ නෑ. එතකොට දේශපාලනය
රැකියාවක් කර ගන්නවා. දේශපාලනය
වෘත්තියක් නොවෙයි. ඔය තියන
වරප්‍රසාද අඩු කරලා ව්‍යවස්ථාවක්
ගේනවා නම් මේ පුංචි රට හදා ගන්න
පුළුවන්.

වර්තමානයේදී අපි මානසික
හා කායික වශයෙන් විශාල ලෙස
පීඩාවකට පත් වෙලා සිටින ජාතියක්.
අද වන විට ඩොලර් ට්‍රිලියන 24කට
ආසන්න ගණනක් අපි ණයයි. මෙවට
වගකියන්න ඕනෑ ඔබතුමන්ලා
ඇතුළු රට කරවපු ඇත්තෝ.
ඔක්කෝටම අත ඉස්සුවාල අත්සන්
කෙරුවාල හැබැයි අය සහ වැය නෑ.
ණය ගත්තුවා විතරයි.

සිස්ටම් චේන්ජ් එකක් මුළු රටම
ඉල්ලනවාග පාර්ලිමේන්තුවේ 225 එකට
ඉන්න ඕනෑ. දැන් ඒක 42කට කැඩිලා.
දැන් පක්ෂ ප්‍රතිසංවිධානය කරනවා.
පක්ෂ ප්‍රතිසංවිධානය නොවෙයි දැන්
කළ යුත්තේ, රටේ ජනතාවගේ සුබ
සිද්ධිය බලන්න ඕනෑ. තාත්තලාල
පුතාලා හා හිටපු නායක නායිකාවන්ගේ
දරුවෝ තමයි ජනාධිපතිකම් ගන්න
ලෑස්ති කරලා තියෙන්නේ. එහෙම
ගන්න දෙනාවද අපි.

අද අරුණ පුවත්පතෙන් උපුටා ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 3 =