‘ඔබ ඉල්ලන බදු සහන ලබා දිය නොහැකි යි…!’ ජනපති වෘත්තීය සමිති ඉල්ලීම ඉවත දමයි.

0
254

‘ඔබ ඉල්ලන බදු සහන ලබා දිය නොහැකි යි…!’
ජනපති වෘත්තීය සමිති ඉල්ලීම ඉවත දමයි.

වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ දිනයේ දී සිදු වූ අතර, එම හමුවේ දී වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ඉල්ලා සිටින ලද බදු සහනය ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී ඇති බව පැවසේ.

බදු ඉහළ දැමීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකට අනුව සිදුකර තිබෙන බව පවසා ඇති ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමටත් පෙර එම ප්‍රතිපත්තිය ආපසු හැරවුවහොත් රජය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය බිද වැටෙනු ඇති බවත් පවසා තිබේ.

වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවට මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ මහබැංකු අධිපතිවරයාද සහභාගී වී තිබේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබදව විග්‍රහයක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

වෘත්තීය සමිති නියෝජිතයන්ද ඔවුන් ගේ ඉල්ලිම් සාධාරණීකරණය කිරීම සදහා අවශ්‍ය විග්‍රහයක් එම හමුවේ දී ඉදිරිපත් කර ඇති බව පැවසේ.

උපයන විට ගෙවන බද්ද රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කරන ලෙස වෘත්තීය සමිති නියෝජිතයන් රජයෙන් ඉල්ලා ඇති අතර උපරිම බදු ප්‍රතිශතය 24% දක්වා පහත හෙලන ලෙසද ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − two =