ඔබ තමයි නියම සුදුස්සා…!
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්
ජනපති රනිල්ට කියයි.
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා යැයි මේ වන විට දිවයිනට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ පවසා තිබේ.
ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව පවසා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වාගෙන යනු ලබන සහ සාකච්ඡා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා ලංකාවට සහාය වීමට ඇමරිකාව සූදානම් බවද ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ.