‘ඔව්.. අපට එය කළ හැකියි…!’ ද්විත්ව පුරවැසි මැතිඇමතිවරු හෙළි කරන්න ආගමන විගමන දෙපාර්තමේන්තුව සූදානම්.

0
970

ඔව්.. අපට එය කළ හැකියි…!
ද්විත්ව පුරවැසි මැතිඇමතිවරු
හෙළි කරන්න
ආගමන විගමන දෙපාර්තමේන්තුව සූදානම්.


ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති මැති ඇමතිවරු පිළිබදව හෙළිදරව් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සූදානම් බව මෝර්නිං වෙබ් අඩවිය වාර්තා කරයි.

දැනටමත් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ – ද්විත්ව පුරවැසිභාවය සහිත මැති ඇමතිවරු පිළිබද තොරතුරු ඉල්ලා පෞද්ගලික ඉල්ලීම් දෙකක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත්ව ඇති අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාගේ අවසරය ලැබුණු පසුව එම තොරතුරු හෙ ළි කිරීමට හැකියාව ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තහවුරු කර තිබේ.

ද්විත්ව පුරවැසිභාවය සහිත මැති ඇමතිවරු හෙළිදරව් කර ගැනීම එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නොවන බවත් අවශ්‍ය වන්නේ අදාල පුද්ගලයන්ගේ ජාතික හැදුනුම්පත් අංකය සහ තොරතුරු හෙළි කිරීම සදහා පාලක ජනරාල්වරයාගේ අවසරය ලබා ගැනීම පමණක් බවත් මාධ්‍ය ප්‍රකාශක පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 1 =