ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සදහා වසර හතරක දී, මහින්ද රුපියල් ලක්ෂ 6380 ක් මහජන මුදල් වැය කරයි. මෛත්‍රී රුපියල් ලක්ෂ 14,888 ක් වැය කරයි.

0
215

ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සදහා
වසර හතරක දී මහින්ද
රුපියල් ලක්ෂ 6380 ක් මහජන මුදල් වැය කරයි.
මෛත්‍රී රුපියල් ලක්ෂ 14,888 ක් වැය කරයි.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන අය ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නඩත්තුවට මහජන මුදල් වැය කර තිබෙන ආකාරය අද ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාල තොරතුරු බලාගෙන ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010-2014 ඔහුගේ දෙවන ධූර කාලයට අදාලව පමණක් පෞද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සදහා ලක්ෂ 638,107,941.84 ක් වැය කර තිබේ.

අදාල කාලය තුළ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය 2578 දෙනෙකුගෙන් සමන්විතව තිබී ඇත.
මහින්ද රාජපක්ෂ පාලනයේ නාස්තිය හා දූෂණයට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැය කළ මුදලටත් වඩා විශාල මුදලක් වැය කිරීම දෛවයේ සරදමකි.

2015-2019 අතර කාලය සදහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම වෙනුවෙන් මහජන මුදල් 850,326,968.14 ක් වැය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =