ඕමානයට කාන්තාවන් පැටවීමේ මහා මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවෙකු අල්ලයි.

0
135

ඕමානයට කාන්තාවන් පැටවීමේ
මහා මිනිස් ජාවාරමට සම්බන්ධ
තවත් ප්‍රධාන සැකකරුවෙකු අල්ලයි.

සංචාරක වීසා ලබා දී ඕමානයනට ශ්‍රී ලාංකික කාන්තාවන් පිටත් කර යැවීම හා ඔවුන් මුදලට අලෙවිකිමේ ආන්දෝලනාත්මක මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 45 වියැති තැරැව්කරුවෙකි.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ දිනයේ දී කටුනායක ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගෙන තිබෙන අතර අදාල සැකකරු නොවැම්බර් 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − seven =