ඕස්ට්රේලියාවට වීසා ගන්න
ක්‍රීඩා ඇමතිගේ දුවලා දෙන්නාටත්
ශම්මිගෙන් ලියුම්…?
පසුගිය වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග නැරඹීම සදහා ඕස්ටේ්‍රලියාව යාමට අවශ්‍ය වීසා ලබා ගැනීම සදහා, වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතගේ දූවරු දෙදෙනාටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මිද සිල්වා ලිපි නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
ශලනි තාරකා ඇතුළු කිහිප දෙනෙකු එකී තරගාවලිය නැරඹීම සදහා පිටත්ව ගොස් තිබුණු අතර, ඔවුන්ගේ නම් සදහන්ව තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ජයන්ත ධර්මදාස ඉදිරිපත් කර තිබුණු නාම ලේඛනය යටතේ ය.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ දියණියන් දෙදෙනාගේ නම් ඇතුළත්ව ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මිද සිල්වා ඉදිරිපත් කර තිබෙන නම් ලයිස්තුවටයි.
මේ පිළිබදව විමසීම සදහා, ඩේලි මිරර් වෙබ් අඩවිය ක්‍රීඩා අමාත්‍යවරයා සම්බන්ධකරගෙන ඇතත්, ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
එමෙන්ම, මේ පිළිබදව ප්‍රතිචාර දැක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මිද සිල්වා මහතාද ප්‍රතික්ෂේප කර තිබේ.