ඖෂධ ඉන්ධන සහ සමෘද්ධි දීමනා වෙනුවෙන් යොදා ගැනීමට
රුපියල් බිලියන තුනක මුදලක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
මහාභාණ්ඩාගාරයට පරිත්‍යාග කරයි.
අත්‍යවශ්‍ය ඖෂධ සහ ඉන්ධන මිලදී ගැනීම සදහාත් සමෘද්ධි දීමනා ලබා දීම සදහාත් යොදා ගැනීම සදහා රුපියල් බිලියන තුනක මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබේ.
විෂය භාර අමාත්‍යවරයා වන මනූෂ නානායක්කාර මහතා විසින් මෙම මුදල් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සා දැවැන්ත මුදලක් එක්වර මහා භාණ්ඩාගාරයට ලබා දී ඇත්f්ත ප්‍රථම වතාවටයි.
අත්‍යවශ්‍යම මොහොතක මහා භාණ්ඩාගාරය මේ සා විශාල මුදලක් ලබා දීමට හැකිවූවේ විදෙස්ගත ශ්‍රමිකයන් නිසා බැවින් අමාත්‍යවරයා ඔවුන්ට සිය ස්තුතිය පළකර තිබුණි.