ඖෂධ නෑ..! අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන්ගෙන් ඖෂධ ඉල්ලයි.

0
97

ඖෂධ නෑ..!
අපේක්ෂා රෝහලට
පරිත්‍යාගශීලීන්ගෙන්
ඖෂධ ඉල්ලයි.

මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබන රෝගීන අවශ්‍ය ඖෂධවල උග්‍ර හිගයක් පවතින බව බොහෝ කලක සිට වාර්තා වේ.

රෝගීන් ගැන සිතා එම රෝහලේ අධ්‍යක්ෂකවරයා රෝහලට අවශ්‍ය ඖෂධ ලබා දෙන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා ඇතිබව දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

දිවයින වාර්තාව තුළ ඖෂධ ලබා දීමට හැකියාව ඇති පරිත්‍යාගශීලීන් වෙනුවෙන් රෝහල තුළ හිග ඖෂධ පිළිබදව තොරතුරු දැනගත දුරකථන අංකයක්ද ලබා දී තිබේ.

දිවයින පුපත්පතට අදාල ප්‍රවෘත්යි වාර්තා කර තිබෙන්නේ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් නමැති අයයි.
අපි දිවයින ලිපිය පහත උපුටා දක්වමු.

මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන
රෝගීන්ට අවශ්‍ය ඖෂධවල හිඟයක් ඇති බවත්, එම ඖෂධ
ලබාදීමට කැමැති පරිත්‍යාගශීලීන් පරිත්‍යාග ඒකකයේ
0777 – 468503 යන දුරකථන අංකයට අමතන ලෙසත් එම
රෝහලේ අධ්‍යක්‍ෂ වෛi අරුණ ජයසේකර මහතා ඉල්ලා
සිටී.

වැඩිහිටි හා ළමා රෝගීන් 800 දෙනෙකු රෝහලේ
නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඒ මහතා පවසයි.
මෙහිදී තවදුරටත් කතා කළ වෛi අරුණ ජයසේකර
මහතා මෙසේද කියා සිටියේය.

රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට ඖෂධ හිඟයි. හිඟ
ඖෂධ මොනවාද කියා රෝහලේ පරිත්‍යාග ඒකකයට කතා
කරලා දැනගන්න පුළුවන්. එම ඒකකය සෑම දිනකම උදේ
8.00 සිට සවස 4.00 දක්වා විවෘතයි. මේක සංවේදී තැනක්.
රෝහලට උදව් කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා
සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + ten =