ඖෂධ නියාමන අධිකාරියේ ලොක්කා
මහ රෑ ආයතන පරිශ්‍රයට ඇතුළු වී
වැදගත් ලිපි ලේඛන රැසක් විනාශ කරයි..!
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියා විසින්, එම අධිකාරියේ ලිපි ගොනු රැසක් විනාශ කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම චෝදනාව එල්ල කරනු ලබන්නේ, රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා විසිනි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියා වන්නේ වෛද්‍ය විජිත් ගුණසේකර ය. ඔහුට එම ධූරයෙන් ඉවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී ඇතත්, ඔහු ඉවත්වීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ.
පසුගිය පළමු වැනි දා රාක්‍රියේ , ජාතික ඖෂධ නියාමන අධිකාරී පරිශ්‍රයට ඇතුළු වී ඇති, ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය විජිත් ගුණසේකර, වැදගත් ලිපි ලේඛන රැසක් විනාශ කර ඇති බවට චෝදනා එල්ල වේ.
පසුගිය කාලය තුළ ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීම ඇතුළුව බරපතල චෝදනා රැසක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට එල්ල විය.