ඖෂධ හිගය බරපතලයි. ලංකාවේ සංචාරය කරනවානම් අවශ්‍ය බෙහත් අරන් යන්න..! ඇමරිකානු රජය එරට පුරවැසියන්ට කියයි.

0
256

ඖෂධ හිගය බරපතලයි.
ලංකාවේ සංචාරය කරනවානම්
අවශ්‍ය බෙහත් අරන් යන්න..!
ඇමරිකානු රජය එරට පුරවැසියන්ට කියයි.


ලංකාවේ පවතින ඖෂධ හිගය සැලකිල්ලට ගනිමින් මෙරට එක්ස්ත ජනපද තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට අනතුරු හැගවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලංකාවේ සංචාරය කරන්නේ නම් අවශ්‍ය ඖෂධ රැගෙන පැමිණෙන ලෙස ඔවුන් නිවේදනය කර තිබේ.

කොළඹින් පිටත වෛද්‍ය පහසුකම් සීමා සහිත බව පවසා ඇති එක්සත් ජනපද තානාපති කාර්යාලය කොළඹ නගරයේ පවා ප්‍රධාන් රෝහල් ඇත්තේ හයක් පමණක් බවත් එම රෝහල් හයෙනුත් හදිසි අනතුරු ඒකක [emergency trauma service] ඇත්තේ රෝහල් තුනක පමණක් බවත් සිය රටවැසියන්ට නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × five =