කංජිපානි ඉම්රාන්; දෙසැම්බර් 20 ඇප ලබා ගනී.
ඉන් පසුව තමිල්නාඩුවට පැන ගනී.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් මේ වන විට තමිල්නාඩුවට පැනගොස් ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.
ඩුබායි පොලිසිය විසින් මාකදුරේ මදූෂ් සමඟ අත් අඩංගුවට ගෙන තිබුණු කංජිපානි ඉම්රාන් 2019 වසරේ මාර්තු මාසයේ 28 වන දා ලංකාවට පිටුවහල් කළේ ය. .
ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කංජිපානි ඉම්රාන් පසුගිය දෙසැම්බර් 20 වන ඇප ලබා පිටව ගියේ ය.
මේ වන විට ඔහු තමිල්නාඩුවට පැමිණ සිටින බව ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ද හින්දු පුවත්පත වාර්තා කරයි.